[email protected] / [email protected] 011-2098032 / 077-3929482

සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2024


රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මෙම මධ්‍යස්ථානය සඳහා වැඩ, සැපයුම් හා සේවා ලබාගැනීම පිණිස 2024 වසර වෙනුවෙන් ලියාපදිංචි වීමට කැමති පිළිගත් නිෂ්පාදකයින්ගෙන්/ දේශීය ඒජන්තවරුන්ගෙන්/ සැපයුම්කරුවන්ගෙන් සහ කොන්ත්‍රාත්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.


Item No Supplies (සැපයුම් )
01 රබර් මුද්‍රා, දින මුද්‍රා සහ බ්ලොක්
02 පරිගණක යන්ත්‍ර, ප්‍රින්ටර් , පෙන්ඩ්‍රයිව් සහ අමතර කොටස්
03 සංනිවේදන පහසුකම් සැපයීම (අභ්‍යන්තර සහ බාහිර දුරකථන පද්ධති, අන්තර්ජාල පහසුකම්.....යන ආදිය)
04 සියලුම වර්ගයේ මෝටර් රථ අමතර කොටස් හා උපාංග
05 ටයර් ටියුබ් සහ බැටරි
06 සියලුම වර්ගයේ ගොඩනැගිලි ද්‍රව්‍ය
07 සියලුම මුළුතැන්ගෙයි උපකරණ
08 පිඟන් ,කෝප්ප, හැඳි,ගෑරුප්පු සහ වීදුරු වැනි භාණ්ඩ
09 රැස්වීම් සහ උත්සව සඳහා පිසූ ආහාර, බෝතල් කළ පානීය ජලය සහ තේ පැන් ආදිය සැපයීම
10 තිරරෙදි දැමීම සහ බිම කාපට් කිරිම
11 බහු මාධ්‍ය උපකරණ සැපයීම
12 සියලුම වෙල්ඩින් වැඩ සහ ඇළුමිනියම් වැඩ
13 සියලුම ආරක්ෂක උපකරණ ( CCTV Camera ......)
14 ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ( කොම්පෝස්ට් බදුන්, ප්ලාස්ටික් බදුන්....... යන ආදිය)
15 සියළුම වර්ගයේ විදුලි හා ඉලෙක්ටොනික උපකරණ

Item No Services (සේවා )
01 විදුලි රැහැන් ඇදීම හා අලුත්වැඩියාව
02 සියළුම වර්ගයේ ආහාර සැපයීම සහ කේට්රින් සේවා
03 කාර්යාලීය උපකරණ අලුත්වැඩියාව
04 පවිත්‍රතා සේවා සැපයීම
05 කාර්යාලීය හැඳුනුම්පත් සැකසීම
06 සියළුම වර්ගවල වාහන අළුත්වැඩියාකිරීම
07 වාහන සේවා කිරීම
08 වාහන වායු සමීකරණය කිරීම, කුෂන් කිරීම, කාපට් කිරීම
09 සියලුම විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම
10 සියලුම වර්ගයේ උත්සව භාණ්ඩ
11 කොඩි වර්ග/ සැරසිලි වර්ග
12 විවිධ ප්‍රතිමා හා පදක්කම් සහ බැජ් වර්ග

Conditions (කොන්දේසි)

1.   මෙම ලිපියට ඇමුණුම වශයෙන් ඇති ආකෘතිය පරිදි සකස් කරන ලද අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කර 2024.01.24 දිනට පෙර අධ්‍යක්ෂ ජෙනරාල්, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මාහේනවත්ත , මොරගහහේන පාර , පිටිපන ,හෝමාගම යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත බහා එවන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ,“භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2024” යනුවෙන් සඳහන් කළ යුතුය

2.   ලියාපදිංචි වීමට කැමති එක් එක් අයිතමයන් සඳහා වෙන වෙනම ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, එම සියලුම අයදුම්පත් වෙන වෙනම කවර වල බහා එවිය යුතුය.

3.   ඉල්ලුම්කරුවන් ලියාපදිංචි කිරීමේ හෝ නොකිරීමේ අයිතිය අධ්‍යක්ෂ ජෙනරාල් සතුය.

4.   සාමාන්‍යයෙන් ලියාපදිංචි වූ සැපයුම්කරුවන්ගෙන් හා කොන්ත්‍රාත් කරුවන්ගෙන් මිල ගණන් කැඳවා භාණ්ඩ හා සේවා සැපයීමට සහ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට ක්‍රියාකරන අතර , ප්‍රමාණවත් ලියාපදිංචි සැපයුම්කරුවන් නොමැති විට ඉන් පරිබාහිර ආයතන වලින් මිල ගණන් කැඳවා මිලදි ගැනීමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ අයිතිය අධ්‍යක්ෂ ජෙනරාල් සතුය.

5.   මිල ගණන් ඉල්ලුම් කිරීමේ දී ඉදිරිපත් නොකරන්නා වූ ද, ඇණවුම් සඳහා නියමිත වේලාවට භාණ්ඩ නොසපයන්නා වූ ද, ඉදිරිපත් කළ සාම්පල් අනුව භාණ්ඩ නොසපයන්නා වූ ද සැපයුම්කරුවන්ගේ නම් දැන්වීමකින් තොරව ලියාපදිංචි ලේඛනයෙන් කපා හැරීමට අධ්‍යක්ෂ ජෙනරාල්ට බලය පැවරෙන බව කරුණාවෙන් සලකන්න.

Download Application Form | අයදුම්පත බාගත කරගන්න